Breaking

Air Strike (2018) සිංහල උපසිරැසි සමඟ


දශක ගණනාවක සිට ලංකාවෙත් යුද්ධයක් පැවතුනා. එයින් ලංකාවෙ බහුතරයක් ගොඩක් දුක් ගැහැට වින්දා කියලා කාටත් මතක ඇති කියලා හිතනවා. කොහොමහරි ලංකාවෙ රණවිරුවන්ගෙ ශක්තියෙන් ඒ කුරිරු යුද්ධය අපිට අවසන් කර ගන්න පුළුවන් වුනා. එසේ යුද්ධය අවසන් වූ නිසා තමයි අපිට අද නිදහසේ ගමනක් බිමනක් වුනත් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඉතින් මෙවැනි නිදහස් රටක් අපිට ලබාදුන්න ඒ සඳහා ජීවිතය පූජා කල, අබාධිත තත්වයට පත්වුන ආදී වගේම සෑම සොල්දාදුවෙක්ටම අපි සැමදා ණය ගැති වෙන්න ඕන.
ඉතින් විස්තරය අරම්භ කරපු විදියෙන්ම කට්ටියටම තේරෙනවා ඇති මේ වතාවෙ මම සබ් එක අරගෙන ආවෙ මොන වගේ ෆිල්ම් එකකටද කියලා. ඒ වගේම මේක සිසිල වෙනදා වගෙ ඉකමණටම කරලා එවන්න කියල භාර දුන්න ෆිල්ම් එකක්. Air strike ලෙස නම් කර ඇති මෙම ෆිල්ම් එක නිර්මාණය කර තියෙන්නෙ දෙවන ලොක යුද්ධ සමයෙ ජපන් ජාතිකයින් විසින් චීනයට ප්‍රහාර සිදු කරන කාලයට අදාලවයි. ඉතින් අපේ රටෙ වගෙම එදා චීන ජාතිකයින්ගේ පවුලෙ අය, නෑදෑයින්, යහළුවන් නැතිවීම හා රට තුල සිදුවන මහා විනාශයන් මෙහි නිර්මාණය කරලා තියෙනවා. ඒ වගේම මෙයට Bruce willis, Ye liu, Seung-heon, Adrien brody රංගන දායකත්වය ලබා දීලා තිබෙනවා. අධ්‍යක්ෂණය xio feng තමයි සිදු කරලා තිබෙන්නෙ. ඒ වගේම මෙය action/ adventure/drama/war ඛාණ්ඩ වලට තමයි අයිති වෙන්නෙ.
හොඳයි එහෙනම් මම මෙහි සිදුවීම ගැන පොඩි විස්තරයක් කරන්නම්. මුලින්ම විස්තර කරා වගෙ දෙවන ලෝක යුධ සමයේ ජපානය විසින් චීනයට දරුණු ලෙස ප්‍රහාර දියත් කරන කාලයේදි චීනයේ චොන්සින් තමයි මේ වෙනකොට චීන ජාතිකයින්ට යාමට ඉතිරි වෙලා තිබිලා තියෙන්නෙ. ඉතින් චීන ජාතිකයින් විශාල වශයෙන් තම නිවෙස් අතහැර මෙම ප්‍රදේශයටන් පැමිණෙන්න ගන්නවා. මේ අතරේ මෙහි සිටින ඇමරිකානු හමුදාවෙ කර්නල් ජැක් චින ගුවන් හමුදාව ජපන් ප්‍රහාර වලට එරෙහිව අඩු අහසුකම් මධ්‍යයෙ පුහුණු කිරීම සිදු කරනවා. ඒ වගේම චීන හමුදාවෙ ගන්ග්ටවු නම් හමුදා සෙබලාට යුද්ධය සම්පුර්ණයෙන්ම කණපිට හරවන්න පුළුවන් වන රහස් මෙහෙයුමක් චීන හමුදාවෙ ප්‍රධානින් විසින් ලබා දෙනවා. ඊට අමතරව තව සිදුවීම් කිහිපයක් මෙහි අන්තර්ගතයි.
මෙම විස්තරය ඇති වෙවි මෙහි සිදුවන්නෙ කුමක්ද කියා තේරුම් ගන්න. එසේ නම් කර්නල් ජැක් ට ජපන් හමුදාවට එරෙහිව චීන හමුදාව මෙහෙයවන්න පුළුවන් වෙනවද, ගන්ග්ටවු ට ඔහුට භාර දුන්න රහස් මෙහෙයුම සාර්ථක කර ගන්න පුළුවන් වෙනවද බලන්න ඔයාලට මේක බලන්නම වෙනව.

BluRay



Powered by Blogger.