Breaking

First Man (2018) සිංහල උපසිරැසි සමඟ


ෆිල්ම් එක ගැන විස්තර ටිකක් කියන්නම් එහෙනම්. මේ ෆිල්ම් එක මට අනුව එළඹෙන ඔස්කා සම්මාන නිර්දේශිත ලයිස්තුවේ රැඳෙන්න නියමිත ෆිල්ම් එකක්. Imdb 7.7ක අගයක් ලබාගත්ත මේ සුපිරි සිනමාපටයේ අධ්‍යක්ෂණය සිද්දවෙන්නේ,10 Cloverfield Lane (2016),La La Land (2016), Whiplash (2014) ආදී සිනමාපට සඳහා දයක වෙච්ච Damien Chazelle. සිනමාපටයේ ප්‍රධාන නළුවා වන නීල් ආම්ස්ට්‍රොං ලෙසින් එකතු වෙන්නේ Ryan Gosling විසින්. ආයේ කියන්න දෙයක් නැහැනේ එයා ගැන 😀 ඒ වගේම Claire Foy,Jason Clarke,Kyle Chandler, Corey Stoll ආදීන් එකතු වෙනවා. හැබැයි බොක්ස් ඔෆිස් ආදායම නම් ඩොලර් මිලියන 95ක් විදියට තමයි සටහන් වෙන්නේ. හැබැයි ඉතිං කුණු තක්කාලි අඩවියේ 88%ක විචාරක අගයක් ලැබිලා තියෙන නිසා මොන බොක්ස් ඔෆිස්ද බලන අය දැන්ම බලන්න ගන්නලා. තව කියවන්න කැමති අය ඉන්නවා නම් ඔහොමම කියවගෙන යමු පහාල්ට හෙමින් සීරුවේ.

1973 අගෝස්තු 5 වැනිදා එක්සත් ජනපදයේ, ඔහියෝ ප්‍රාන්තයේ, වැප්කොනෙටා හිදී ස්කොට් සහ ජර්මානු සම්භවයක් සහිතව නීල් ආම්ස්ට්‍රෝං උපත ලබනවා. ඔහුගේ පවුලේ සොහොයුරියක් සහ සොහොයුරෙක් සිටිනවා. ඊට පස්සේ පදිංචිය සැරින් සැරේ වෙනස් කරන්න වෙනවා මේ පවුලේ අයට.අවුරුදු දෙකේදී තුනේදී විතර ආම්ස්ට්‍රොං තාත්ත එක්ක ළඟ තියෙන ගුවන්තොටුපලකට ගිය වෙලාවක එයාට පයිලට් කෙනෙක් වෙන්න ආසාව ඇතිවෙනවා.ආසාව කොහොමද කියනවා නම් අවුරුදු 15දී ගුවන්යානා පැදවීමේ සහතිකය ලබාගන්නවා. ඊට පස්සේ 1947දී ආම්ස්ට්‍රොං ගුවන් තාක්ෂනය ගැන ඉගෙනගන්න පර්ඩියු සරසවියට පිවිසෙනවා එහිදී ඔහු ගුවන් තාක්ෂණ ඉංජිනේරු විද්‍යාව පිලිබඳව උපාධිය දිනාගන්නවා. 1949දී කොරියානු යුද්දය ඇරඹිමත් එක්කම ගුවන් හමුදාවට බැඳෙන ආම්ස්ට්‍රෝං 1952දී ගුවන් හමුදාවෙන් ඉවත් වෙනවා. ඊට පස්සේ ජාතික ගුවන්විද්‍යා උපදේශණ කමිටුවට පත්වෙනවා පසු කාලීනව මේ ආයතනය තමා NASA එක බවට පත්වෙන්නේ. මේකෙදි අලුතෙන් හදන යානාවල අත්හදා බැලීමේ නියමුවෙක් විදියටත් මෙතුමා මේකේ වැඩ කරනවාThe Martian (2015)The Martian (2015)The Martian (2015)1956 ජනවාරි 28 වෙනිදා විවාහ දිවියට පත්වුනාට පස්සේ තමා නීල් ආම්ස්ට්‍රෝංගේ ජීවිතය වෙනස් වෙන්න ගන්නේ.1966 මාර්තු 16 වෙනිදා ජෙමිනි යානයෙන් තමන්ගේ පළමු අභ්‍යවකාශ අත්දැකීම විඳගන්න සමත්වෙන මොහු පෘථිවි කක්ෂයට ඇතුල් වෙලා හදිසි තත්වයක් යටතේ පැය කිහිපයකින් නැවත පෘථිවියට ගොඩ බානවා. දෛවය ඔහොම ලියවෙනකොට 1969දි ඇපලෝ 11 සඳ ගමනේ වගකීම නිල් ආම්ස්ට්‍රෝං මත පැටවෙනවා. ඒ මයිකල් කොලින්ස් සහ එඩ්වින් ඔල්ඩ්‍රින් කියන අජටාකාෂගාමින් දෙදෙනාගේත් වගිකීම් එක්කම. 1969 ජුලි 16 වෙනිදා ඇපලෝ 11 යානය ගමන පටන් ගන්නවා. හඳට ගොඩබාන මොඩියුලයේ නියමුවා වෙන්නේ නීල් ආම්ස්ට්‍රොං, මෙහෙයුම් මොඩියුලයේ නියමුවා වෙන්නේ මයිකල් කොලින්. නීල් ආම්ස්ට්‍රෝං එක්ක එඩ්වින් ඔල්ඩ්‍රින් සඳ මතුපිටට ලූනා මොඩියුලය ගොඩ බානකොට මයිකල් කොලින් සඳ වටා කක්ෂ ගතවෙමින් රැඳී සිටියා.The Martian (2015)The Martian (2015)1969 ජුලි 29 වෙනිදා නීල් ආම්ස්ට්‍රෝං එක්ක එඩ්වින් ඔල්ඩ්‍රින් සඳ මත ඉතාම අසීරුවෙන් ගොඩ බහිනවා.හරියටම එදා රෑ 10.56ට නීල් ආම්ස්ට්‍රෝං ලුනා මොඩියුල් එකෙන් එලියට එනවා, ඇවිල්ල පෘථිවියෙන් කිලෝමීටර් තුන්ලක්ෂ අසු හතරදහස් හාරසියයක් දුරින් පිහිටි පෘථිවි චන්ද්‍රයා මත සිට සජීවීව සදා අමරණීය වූ ඒ උදාන වාක්‍ය, ” මෙය එක් මිනිසෙකුගේ කුඩා පියවරක් පමණක් වුවත්, මිනිස් සංහතියට යෝධ පිම්මක් වනු ඇත” යනුවෙන් ප්‍රකාශ කරනවා. එඩ්වින් ඔල්ඩ්‍රින් එක්ක පැය දෙකහමාරක් පමණ සඳ මතුපිට ගතකරන අතරතුර පස් සාම්පල් සමග පරීක්ෂණ කටයුතු සහ ජායාරුප විශාල සංඛ්‍යාවක් ලබාගන්නවා. ඊට පස්සේ 1969 ජුලි 24 වැනිදා හවායි ආසන්නයේ පැසිෆික් සාගරය මතට ඔවුන්ගේ යානය ගොඩ බානවා. සති තුනක් තිස්සේ නිරෝධායනය උනා කියල තමයි සඳහන් වෙන්නේ. ඊට පස්සේ මේ තුන්දෙනාටම ගරු සම්මාන රාශියක් හිමි වෙනවා විතරක් නෙමේ සෝවියට් දේශය සහ ඇමරිකා එක්සත් ජනපදය අතර ඇතිවී තිබු සිතල අභ්‍යවකාශ සටන ඇමරිකාව ඒ විදියට ජයගන්නවා.. ඒ වගේම ඇමරිකාව වෙනුවෙන් අභ්‍යවකාශ ගමනට පුරෝගාමියා වුනේ මුලිකවම ඝාතනයට ලක්වුණ කෙනඩි ජනපති. සෝවියට් දේශය හා කෙරුණ සිතල අභ්‍යවකාශ සටනින් මේ විදියට දින්නට පස්සේ කෙනඩිගේ ස්මාරකය අසල මහජනතාව විසින් මල් කලඹවල් තියල ගෞරව දක්වලා තියෙනව.The Martian (2015)මේ තිදෙනාම ඉන් පසුවත් නාසා ආයතනය එක්ක සමීපව වැඩ කරනවා. පසුකාලීනව නීල් ආම්ස්ට්‍රෝං විශ්වවිද්‍යාලවල ඉගැන්වීම් කටයුතුවල යෙදෙනවා. කොහොම නමුත් බොහොම නිස්කලංක දිවියක් ගතකරන ආම්ස්ට්‍රෝං 2005 දී James R. Hansen විසින් නීල් ආම්ස්ට්‍රොං මහතාගේ චරිතාපදානය එළි දක්වනවා, ඒ First Man: The Life of Neil A. Armstrongනමින්. මේ සිනමාපටයට පාදක වෙන්නෙත් ඔහුගේ මේ කෘතියම තමයි. 2012 වසරදී ඔහුට හෘද සැත්කමක් සිදු කරනවා. නමුත් ඔහුට තමන්ගේ ඉරණම වෙනස් කරන්න බැරිවෙනවා. හෘද සැත්කමින් සතියකට පමණ පසු 2012 අගෝස්තු 25 වෙනිදා, වසර 82ක් ආයුෂ වැළඳු පෘථිවියේ ජනප්‍රියම අජටාකාෂගාමියා, විශ්වීය මිනිසා, නීල් ඇල්ඩන් ආම්ස්ට්‍රෝං තම ජිවන ගමනට සමුදෙනවා… ඔහුගේ අවසන් කටයුතු සිදුවෙන්නේ 2012 සැප්තැම්බර් 14 වැනිදා. ඒ ඇමරිකන් නාවුක හමුදාවේ USS Philippine Sea (CG 58) දරන නැව මත අත්ලාන්තික් සාගරයෙදී රාජ්‍ය ගෞරව සහිතව පවුලේ ලඟම අයගේ සහභාගිත්වය පමණක් ඇතිව. බැරක් ඔබාමා නාසා ආයතනයේ වියදම් අඩු කිරීම සම්බන්ධව නීල් ආම්ස්ට්‍රෝං විසින් ප්‍රසිද්දියේ විරෝධය පානවා. එමගින් ඔබාමාගේ ජනප්‍රියතාවයට පවා බලපෑමක් වෙනවා. නමුත් ඔහු මියගිය පසු රට පුරාම ඇමරිකන් ධජ අඩ-කුඹු කොට තබන ලෙසත් ඉල්ලා සිටින බැරක් ඔබාමා, ඉහලම ගෞරව සහිතව නීල් ආම්ස්ට්‍රෝංගේ අවසන් කටයුතු කිරීමටත් මැදිහත් වෙනවා…ඔහු මියගිය පසු ඔහුගේ පවුලේ උදවිය ඔහු වෙනුවෙන් විශේෂ නිවේදනයක් නිකුත් කරනවා. මම මගේ සටහන ඒ නිවේදනයේ කොටසකින් සමාප්ත කරන්නම්. එදා-මෙදාතුර පොළවෙන් නික්මී අභ්‍යවකාශ ගතවී, එතනින් නවතින්නේ නැතුව ඉන් එහාටත් නික්මී ආලෝක වර්ෂ ගණන් ඈත පිහිටා ඇති අනන්ත අපරිමාන විශ්වයතුල රැඳී ඇති රහස් සෙවීමට තම ජිවිතය කැපකල මිනිසුන් දහස් ගණනක් පමණක් නොව ලයිකා, බෙලා, ස්ට්‍රෙල්කා ආදී බලු වර්ගයාද ඒබල්, බාකර් ආදී වඳුරු වර්ගයත් එකී මෙකි නොකී තවත් සතුන් සිය ගණනක් වෙනුවෙනුත් මේ සටහන වලංගු බව මං විස්වාස කරනව.
Web-Dl




Powered by Blogger.