Breaking

Mowgli: Legend of the Jungle (2018) සිංහල උපසිරැසි සමඟ


සිනමාපටයේ නම තමයි මෝග්ලි. ඉතින් නම කියනකොටම දන්නවා ඇතිනෙ මේ සිනමාපටය Rudyard Kipling කියන ඉංග්‍රීසි ජාතික කතුවරයා ලියපු The Jungle Book කියන පොත පාදක කරගෙන නිපදවෙච්ච සිනමා පටයක් කියලා. ඔයාලට මතක නම් 2016 අවුරුද්දෙත්The Jungle Book නමින් සිනමාපටයක් ආවා මේ වගේම. ඒකටත් සබ් කලේ මංම තමා. නමුත් මේ සිනමාපටයයි ඒ සිනමාපටයයි හුඟාක් වෙනස්. ගොඩක් තැන් වල වෙනස්කම් තියෙනවා. ප්‍රධානම වෙනස තමා 2016 සිනමාපටය කෙළින්ම ළමයින්වම ඉලක්ක කරලා හැදිච්ච සිනමාපටයක් කියලා කියන්න පුළුවන්. සත්තු සිංදු කියනවා නටනවා. ඒක අර 1967 නිකුත් වෙච්ච සජීවීකරණ සිනමාපටයට සමානයි. ඒකෙ තියෙන සිංදුත් 2016 සිනමාපටයේ තිබ්බනේ. නමුත් මේ අවුරුද්දෙ නිකුත් වෙච්ච සිනමාපටයේ ටිකක් දරුණු දර්ශණ තියෙනවා. ඒ කියන්නෙ සත්තු සිංදු කියන දේවල් එහෙම නෑ. සිනමාපටය ගැන මේක අධ්‍යක්ෂණය කරපු ඇන්ඩි සර්කිස් කෙළින්ම කිවුවෙ මේකෙ සිංදු කිය කිය නටන සත්තු නම් කීයටවත් නෑ කියලයි. අනිත් වෙනස තමා සිනමාපටයේ සතුන්ගෙ CGI දර්ශණ. ට්‍රේලර් එක නිකුත්වෙච්ච මුල්ම දවසෙම මේ වෙනස හොඳට පෙනුනා. නිර්මාණ ශිල්පීන් කරලා තියෙන්නෙ හඬ කවන නළු නිළියන්ගේ භාව ප්‍රකාශන, මිනිස් මූණක තියෙන ස්වරූපය එහෙම ඒ ඒ සතුන්ගෙ මූණුත් එක්ක කලවම් කරන්න ගිහිල්ලා. ඒ නිසා දැක්කහම නිකන් අමුතුයි කියලා තේරෙනවා සත්තුන්ගෙ මූණු. හැබැයි ගොලම්, සීසර් වගේ චරිත වලට පන දුන්න ඇන්ඩි සර්කිස් අතින් මේ වගේ දෙයක් වුණා කියලා දැක්කහම නම් නිකන් විශ්වාස කරන්නවත් බැරි වුණා. අවන්කවම මට මුල් විනාඩි කීපයම බලද්දි ෆිල්ම් එක බලනවද නැද්ද කියන එක ගැන දෙපාරක් කල්පනා කරන්න වුණා. මොකද 2016 Jungle Book සිනමාපටය බලපු කෙනෙක්ට තේරෙයි මේකෙ CGI කොච්චර දුර්වලද කියලා. මට නම් හරියටම සත්ව ස්වරූපයක් පෙනුනෙ බලූගෙ මූනෙ විතරයි. එහෙම CGI ටිකක් අවුල් වුණාට කතාව ගලාගෙන යාම අතින් නම් උපරිම හොඳට තියෙනවා. ඒ නිසා අවුලක් නැතුව කතාව බලාගෙන ගියා.
බඝීරට මේ සිනමාපටයේ හඬ කවන්නෙ අපි හැමෝම දන්න නෝලන්ගෙ බැටා හෙවත් ක්‍රිස්ටියන් බේල්. මට නිකන් බලූ කතා කරපු හැම පාරකම හිතුනෙ බේල් නිකන් බැට්මෑන් චරිතය මවාගෙන හඬ කැව්වද කියලා. මොකද සමහර තැන් වල එන්නෙම බැට් මෑන්ගෙ කටහඬමයි. බලූ විදිහට හඬ කවන්නෙ සිනමාපටයේ අධ්‍යක්ෂකවරයා වන ඇන්ඩි සර්කිස්මයි. බලූගෙ මූණෙන් ඇන්ඩි සර්කිස්ගෙ භාව ප්‍රකාශන හොඳට අඳුනගන්න පුළුවන්. ශෙයා ඛාන් විදිහට හඬ දායකත්වය ලබාදෙන්නෙ මගේ කැමතිම නළුවන්ගෙන් කෙනෙක් වෙන බෙනඩික් කම්බර්බැච්. අවංකවම කිවුවොත් මං මේ සිනමාපටයට සබ් කරනවා කියන එක තීරණය කළෙත් බෙනඩික් ඉන්න නිසාමයි. ශෙයා ඛාන්ගේ දරුණුකම හඬ වගේම භාව ප්‍රකාශන හරහා මෙයා නියමෙටම පෙන්නනවා. නමුත් අර ඒ මූණෙන් පෙන්නන මිනිස් හැගීම් ශෙයා ඛාන්ගෙ මූණට එකතු කරලා තියෙන නිසා ටිකක් නුහුරු ගතියක් තියෙනවා. නමුත් 2016 සිනමාපටයේ හිටිය ඉද්රිස් ඇල්බාගේ කටහඬ තරම් ගැඹුරු වුණේ නැති වුණාට බෙනඩික් එයාගෙ වචන උච්චාරණ ස්වරූපය වෙනස් කරන විදිහෙන් ශෙයා ඛාන්ට අමුතු දරුණු ගතියක් දීලා තියෙනවා. ඒ වුණාට ඉද්රිස් ඇල්බාගෙ තරම් කටහඬ නම් දරුණු නෑ. කා විදිහට මේ සිනමාපටයේදී හඬ දායකත්වය දෙන්නෙ කේට් බ්ලැන්චෙට්. ඒ වුණාට හැබැයි මං නම් පෞද්ගලිකව කැමති ස්කාලට් ජෝහැන්සන්ගෙ කා ට තමා. තව මේකෙ රාක්‍ෂාගෙ නම නිශා විදිහට වෙනස් කරලත් තියෙනවා හිතාගන්න බෑ ඒ ඇයි කියලා නම්. සිනමාපටය අවසානයේ Kara Marni කියන ගායිකාව විසින් ගායනා කරන Changes කියන ගීතය අහන්න පුළුවන්. අද ඉදන් මගේ ප්ලේ ලිස්ට් එකට එකතුවෙන සින්දුවක් වෙනවා ඒකත්. ඔව්. ඒ තරම් හිතට ඇල්ලුවා. මං අද කතාව නම් කියන්න යන්නෙ නෑ මොකද මේ කතාව හැමෝම වගේ දන්න නිසා. නමුත් මං අර කලින් කිවුව විදිහට 2016 සිනමාපටයයි මේ සිනමාපටයයි කොච්චර වෙනස් වුණත්, සිනමාපට දෙකේම රාක්‍ෂා/ නිශා මෝග්ලිට කියන වාක්‍යයක් කිසිම වෙනසක් නැතුව සිනමාපට දෙකේම තියෙනවා. ඒ තමයි “You will always be my son” කියන එක. අනික මේ සිනමාපටයේ භූට් කියන ඇලි වෘකයා ගැන නම් ඇඩෙන තරමට මට දුක හිතුනා. එහෙනම් Fantastic Beasts : Crimes of Grindelwald සිනමාපටයෙන් සහ ඊට පස්සෙ එනJungle Book වගේම තවත් ඩිස්නි Live-Action සිනමාපටයකින් හමුවෙන තෙක් සමුගන්නවා.

WEB-DL

20181127_203621_0001-1992585517.png

20181127_203726_0001-333388694.png

20181127_203512_000150170020.png
Powered by Blogger.