Breaking

Hotel Artemis (2018) සිංහල උපසිරැසි සමඟ


හැමෝම හෝටල් ගැන දන්නවා ඇතිනෙ.නමුත් අපරාධකාරයින්ට වෙන් වෙච්ච හෝටලයක් ගැන අහල තියෙනවද?? ඔව්,ඔව්.ඒක හරි අමුතුයි තමයි.ඒත් එහෙම තියෙනවා.අනාගතයෙ දවසක ලොස් ඇන්ජලීස් නගරයෙ.හැබැයි මෙම හෝටලය හරිම විශේෂයි.මොකද එයට ආවේණික වෙච්ච නීති සංග්‍රහයක් පවතින නිසාවෙන්.ඒවා නම්,
  1. අනික් රෝගීන්ව මැරීම තහනම්.
  2. තුවක්කු ඇතුළට ගෙන ඒම තහනම්.
  3. ආර්ටමිස් එකේහි සාමාජිකයෙකු වීම.
  4. ලෙඩ්ඩු බලන්න ඒම තහනම්.
  5. කාර්යමණ්ඩලයට අපහස කිරීම තහනම්.
ආදී නීති සංග්‍රහයක් පවතිනවා.වර්ෂ 2028 ජූනි 21 ක ලොස් ඇන්ජලීස් නගරයෙ මෙතෙක් ඇති වෙච්ච ලොකුම කෝලාහලයක් පැවැත්වෙනවා.ඒ මිනිස්සුන්ට පිරිසිඳු වතුර ලබා නොදීම හේතුවෙන්.ඔන්න ඔය අතවරායේදී හොරුන් පිරිසක් වන ෂර්මන්,ඔහුගෙ සහෝදරයා සහ තවත් පිරිසක් කැටුව බැංකුවක් මංකොල්ල කෑමට මෙයාට යනව.කෝමහරි මොවුන්ට ආපු වැඩේ කරගන්න බැරි වෙනවා ඒත් මෙයාල බලාපොරොත්තු නොවිච්ච දෙය තියල අනිකුත් දේවල් අරගෙන යනවා.ඒක ඔයාලට චිත්‍රපටය නරඹනකොට තේරෙවි.ඔන්න ඔතනදී ෂර්මන්ගෙ සහෝදරයා එක්තරා මිනිසෙක්ගෙන් පෑනක් අරගන්නවා.ඔහුට එය කාගෙද කියල කිසිම අදහසක් නැහැ.ඔහු හිතන්නෙ එය නිකන්ම නිකන් පෑනක් කියල.අඩුමතරමෙ ඔහුගෙ සහෝදරයා වත් අවසානය වෙනකම් එය දන්නෙ නැහැ.
ඔන්න ඉතිං මෙයාල කෝලාහලය මැද්දෙන් පැනල යන්න සැරසෙන්නෙ නමුත් මෙතනදි එකිනෙකා අතර සිදු වන ගැටුමකින් සැළසුම් කරපු විදියට කිසි දෙයක් සිදු වෙන්නෙ නැහැ මෙහෙදී පොලීසිය අය සමග සිදු වන වෙඩි ප්‍රහාරයකින් මොහුන්ට හානියක් වෙනවා.ඉතිං මෙයාලට දැන් කරකියාගන්න දෙයක් නැහැ.හොටෙල් ආර්ටමිස් හි කලින් සාමජිකයෙක් උනු මොහු එයට ඇමතුමක් අරගෙන කාමර දෙකක් ඉල්ලනවා.ඉතිං කෝමහරි ඔවුන් මෙතනින් පිටවෙලා එතන යාගන්නවා.කාලයත් ගෙවිය යනව.කෝලාහලය එන්න එන්නම දරුණු වෙනවා.ඒව්ගේම මුළු ලොස් ඇන්ජලීස් නගරයටම ඇදිරිනීතියක් පනවනවා.ඔන්න ඔය අතරෙ තමයි ෂර්මන් දැනගන්නෙ තමන්ගෙ සහෝදරයා මේ හොරකම් කරපු පෑන අයිති වෙන්නෙ මුළු ලොස් ඇන්ජලීස් නගරයම පාලනය කරන බිහිසුණු පාතාල නායකයෙක්ට කියල.ඒවගේම මේ කියන පාතාල නායකයාට සිදු වෙන ප්‍රහාරයක් නිසාවෙන් හොටෙල් ආර්ටමිස් වෙත එන ගමන් ඉන්නෙ.ෂර්මන්ට කරකියාගන්න දෙයක් නැතිවෙනවා.මොකද ඔහුට කෝලාහලය මැද්දෙ කොහෙවත් පැනගන්න විදියක් නැහැ.ඒවගේම තමයි මෙම හෝටලයට මේ පාතාල නායකයාව ඝාතනය කරන්න කෙනෙකුත් ඇවිත් ඉන්නෙ.

BluRay

20181127_203621_0001-1992585517.png

20181127_203726_0001-2099450167.png

20181127_203512_000150170020.png
Powered by Blogger.