Breaking

Along with the Gods: The Last 49 Days (2018) සිංහල උපසිරැසි සමඟ


අද ගෙනාවෙත් චිත්‍රපටි පෙළක දෙවනි නිර්මාණය. මේකෙ පළවෙනි චිත්‍රපටිය තමයිAlong With The Gods : The Two Worlds (2017). ගිය අවුරුද්දෙ නිකුත් වුන ඒ චිත්‍රපටියෙ අවසානය තමයි ආරම්භය විදියට මේකෙන් නිරූපණය වෙන්නෙ. පළවෙනි එක ගැන කෙටියෙන් කිව්වොත්.. මරණෙන් පසු ලෝකය සැකසිලා තියෙන්නෙ මිනිස් ලෝකයේදි කළ පින්පව් වලට තීන්දු ලබලා දීලා අවශ්‍ය දඬුවම් හෝ පුනරුප්පත්තිය නියම කරන ක්‍රියාවලියකින්. විනිශ්චය ලබාදෙන්නෙ නඩුවාර 7ක් ඔස්සේ. මැරුණ හැම කෙනෙක්ම මරණින් පසු ලෝකයට යන අතරෙ තවත් මිනිස් කොට්ඨාසයකට විශේෂ තැනක් හිමි වෙනවා. ඒ පිරිස තමයි “උතුම් ආත්ම” කියන්නෙ. තමන්ට නියම වෙලා තියෙන ජීවිත කාලයට කලින් අනපේක්ෂිත හේතුවක් මත මියයන අයයි, තමන්ගෙ ජීවිතය ධාර්මිශ්ඨව ගෙවපු අයයි තමයි මේ කොට්ඨාසයට අයිති වෙන්නෙ. මෙහෙම මරණෙන් පස්සෙ ලෝකයට යන ආත්ම සඳහා ලබාදෙන නඩු ඇසීම වෙනුවෙන් ඔවුන්ට ආරක්ෂකයන් පත් කරලා තියෙනවා. මෙයාලගෙ කාර්ය වෙන්නෙ නඩු වලදි තමන්ගෙ ආත්මයට සිදුකරන චෝදනා වෙනුවෙන් පෙනී ඉන්න එක. ⁣මේ වගේ ආරක්ෂකයො තුන් දෙනෙක් තමයි ගන්ලිම්, හෙවොන්මක්, දොක් චුන් කියන්නෙ. මේ ආරක්ෂකයන්ට, එකදිගට උතුම් ආත්ම 49ක්ව, දවස් 49බැගින් සිදු කරන නඩුවාරයන්ගෙන් දිනවලා, පුනරුප්පත්තිය ලබලා දෙන්න පුළුවන් වුනොත් එයාලට කැමති තැනක කැමති විදියට නැවත ඉපදෙන්න අවස්ථාව ලැබෙනවා. එතකොට පළවෙනි චිත්‍රපටියෙ මෙයාලා ආරක්ෂා කරන කිම් ජා හොන්ග් කියන්නෙ මෙයාලා පෙනී සිටින 48වෙනි උතුම් ආත්මය. ඒකෙදි එයාව සාර්ථක විදියට පුනරුප්පත්තිය කරන්න එයාලට පුළුවන් වෙනවා.
⁣අද ගෙනාපු ඒකෙ දෙවනි චිත්‍රපටියට පාදක වෙන්නෙ අන්තිම උතුම් ආත්මයට පුනරුප්පත්තිය ලබාදෙන විදිය. එතකොට මෙයාලගෙ අන්තිම, ඒ කියන්නෙ 49 වෙනි උතුම් ආත්මය විදියට, මරණෙන් පසු ලෝකයෙ රජතුමා තීරණය කරන්න කලින්, ගන්ලිම් කෙනෙක්ව තෝරගන්නවා. මේකට හෙවොන්මක් එච්චර කැමැත්තක් දක්වන්නෙ නෑ. ඒකට හේතු කිහිපයක්ම තියෙනවා.
එක: 49 වෙනියා කියන්නෙ 48 වෙනි ආත්මය වෙන කිම් ජා හොන්ගෙ මල්ලි කිම් සුහොන්ග්.
දෙක: සුහොන්ග් කියන්නෙ අයියා මැරිලා දවස් දෙකකින් අනතුරක් වෙලා මිය ගිය කෙනෙක්.
තුන: සුහොන්ග් පළිගන්න ආත්මයක් වෙලා ජාහොන්ගෙ නඩු වලට ගොඩක් බාධා ඇති කරපු කෙනෙක්.
හතර: පළිගන්න ආත්ම වලට උතුම් ආත්මයක් විදියට සළකණ එක වැරදියි.
මේක ගොඩක් හිත්ගන්නා සුළු නඩුවක් වෙන එක අහන්න දෙයක් නෙවෙයි. ඒ වගේම අපේ ආරක්ෂකයන්ගෙ අමතක වුන අතීතයත් මේ චිත්‍රපටියෙදි හෙළිදරව් වෙනවා. මෙහෙම ගියොත් සේරම කියලා දාන්න වෙන නිසා මං මෙතනින් කතා තේමාව අවසාන කරන්නම්. මේකෙ පිටුපස විස්තර ගැන කිව්වොත් වෙබ්ටූන් එකක් පදනම් කරගෙන තමයි චිත්‍රපටියක් බවට පත්වෙන්නෙ.
Directed by : Kim Yong-hwa
Produced by: Kim Yong-hwa, Won Dong yeon
Starring: Ha Jung-woo, Ju Ji-hoon, Kim Hyang-gi, Ma Dong-seok, Kim Dong-wook
සජීවීකරණ රූපරාමු අතරින් ඉහළම තත්වෙ නිර්මාණයක්. දකුණු කොරියාව අැතුළත වාර්තාගත ආදායම ඩොලර් මිලියන 93ක්. Imdb අගය 7/10. පළවෙනි එක බලපු අය දන්නවා ඇතිනෙ මොන වගේ චිත්‍රපටියක්ද කියලා.

BluRay

20181127_203621_0001-1992585517.png

20181127_203726_0001-333388694.png

20181127_203512_000150170020.png
Powered by Blogger.