Breaking

Smallfoot (2018) සිංහල උපසිරැසි සමඟ


මේ හරි අපුරු සිනමාපටයේ නිර්මාපකයා වෙන්නේ Over the Hedge (2006), Chicken Run (2000) සහ James and the Giant Peach (1996) වැනි අපුරු සිනමාපට සඳහා දායක වෙච්ච Karey Kirkpatrick. එයාගේ සහයට ඇවිල්ල තිබ්බේ Shrek (2001), Spider-Man 2 (2004) වගේ සිනමාපට සඳහා දායක වෙච්ච Jason Reisig. මේ දෙන්නගේ එකතුවෙන් නිමවුණ මේ විනෝදාත්මක සිනමාපටයට ප්‍රේක්ෂක ප්‍රතිචාර ලෙසින් මේ ලිපිය ලියන මොහොත වන 2018.11.29වැනි දින වෙනකොට, IMDB 6.2ක අගයක් ලැබෙනකොට කුණුතක්කාලි අඩවියේ යහපත් විචාර 79ක් සහ අයහපත් ප්‍රතිචාර 25ක් ලෙසින් තක්කාලි මිටරෙයේ 76%ක අගයක් ලැබෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක කැමැත්ත 67%ක ප්‍රමාණයකුත් ලැබෙනවා. ඒ අගයන් සාධාරණ බව බොක්ස්-ඔෆිස් වාර්තා දිහා බැලුවම හරි අපුරුවට තේරුම් යනවා.ඒ ඩොලර් මිලියන 80ක වියදමකින් නිෂ්පාදනය කරපු මේ සිනමාපටයේ ආදායම ඩොලර් මිලියන 205කට අධික ප්‍රමාණයක් ලැබෙන්නේ මේ ලිපිය ලියන මොහොත වෙන 2018-11-17 වෙනිදා වෙනකොට වැඩිම ආදායම් ලද සිනමාපට අතරින් 29 වෙනි ස්ථානය දිනාගනිමින්. ඒ වගේම හඬ කැවිම සඳහා,Channing Tatum,James Corden, අලුත් සපයිඩි ෆිල්ම් එකේ කෙලී Zendaya,Common, LeBron James… ඇතුළු පිරිසක් තමයි ප්‍රධාන වශයෙන් එකතු වෙන්නේ. ඒ වගේම සංගීත නිර්මාණයෙන් දායක වෙන්නේ Despicable Me, The Smurfs, The Angry Birds Movie,The Nut Job වැනි සිනමාපට සඳහා සංගීත නිර්මාණයෙන් දායක වෙච්ච Heitor Pereira විසින්. එහෙනම් පඳුර වටේ තැලුවා ඇතිනෙ. කතාව දිහාවට හැරෙමු.
කතාව පටන් ගන්නේ මීගෝ කියන යෝධ පාදයා, එහෙමත් නැත්නම් යෙටිගෙන්. මේ යෙටිලා ජිවත් වෙන්නේ හිමාලයේ උසම උස කඳු මුදුනක. එයාලගේ සමාජය ගොඩ නැගිලා තියෙන්නේ ස්ටෝන්-කීපර් කියන නායකයා පොරවාගෙන ඉන්නේ ගල් පොරෝනාවක් මත. ඒ ගල් වල ලියල තියෙනව ඒ අය අනුගමනය කරන්න ඕන නීති රීති මොනවද කියල. හරියට රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ. ඒකෙ තියෙන විදියට තමයි හැම දේම වෙන්නේ එයාලගේ සමාජයේ.ඒ අය විස්වාස කරන්නේ එයාල ඉන්න කන්ද උස්සන් ඉනේ මැමත්ල විසින් කියල. ඒ කන්ද ඝන වලාකුළුවලින් වැහිලා තියෙන්නේ. එතනින් පහල තියෙන්නේ මහා හිස් අවකාශයක් මේ ලෝකේ ඉන්න එකම ජීවින් කොටස ඒ අය කියලයි එයාල හිතන්නේ. ඔහොම ඉන්න අතරේ එයා අහම්බෙන් මිනිහෙක්ව දකිනවා, එයාලගේ බාශාවෙන් පුංචි-පාදයෙක්ව. මේ හරිම අපුරු අහිංසක, විනෝදකාමී, යෙටි සමාජය උඩු-යටිකුරු වෙනවා ඒ සිද්දියත් එක්ක. එහෙනම් පැයකුත් විනාඩි 36ක් පුරාවට යෝධ-පාදයින් සහ පුංචි-පාදන්ගේ හරිම අපුරු, විනෝදකාමී ලෝකයක මිහිර විඳගන්න.

BluRay



Powered by Blogger.