Breaking

Venom (2018) සිංහල උපසිරැසි සමඟ


Venom සිම්බියෝට් හැදින්වීම මෙතනින් පිවිස කියවන්න>>>

7.0/10ක IMDb අගයක් ලබාගෙන තියෙනවා. අවසාන වශයෙන් පසුගිය දිනෙක දැනගන්නට ලැබුණු ඇමරිකානු කොමික් පොත් රචකයකු, සංස්කාරකවරයෙක් වශයෙන් වගේම චිත්‍රපටතුල කැමියො රජෙකු ලෙස ජනප්‍රියතාවයට පත් වූ ස්ටෑන් ලී මහතා පසුගිය නොවැම්බර් 12 මිය යනවා. මේ වසරේ නිකුත් වූ මාවල් චිත්‍රපටවල අවසන් කැමියෝ දර්ශනය වෙනම් චිත්‍රපටයට ලබාදෙමින් තමයි ඔහු මිය යන්නේ. අවසන් කැමියෝ දර්ශනය ලබන වසරේදී නිකුත් වීමට නියමිත ඇවෙන්ජර්ස් චිත්‍රපටය හරහා දැකගන්න ලැබේවි.
මේ චිත්‍රපටයට මීට වඩා ආදායමක් ලබාගන්න තිබුණා වෙනම්ගෙ හතුරන්ගෙ ලැයිස්තුවෙ ඉන්න ස්පයිඩර් මෑන් මේකට සම්බන්ධ වුණා නම්. මොකද වෙනම්ගෙ සූට් එක ඇදපු මුල්ම සුපර්හීරෝ වෙන්නේ ස්පයිඩි. එයා නැති නිසාම තමයි කොමික් වලින් සෑහෙන වෙනසක් කරලා වෙනම් චිත්‍රපටය නිර්මාණය වෙලා තියෙන්නේ. අනික් හේතුව තමයි සැහැසි බව හැම අගලක් ගානෙම සටහන් වෙලා තියෙන වෙනම්ව ප්‍රේක්ෂකයන්ගෙ බලාපොරොත්තු කඩකරමින් R-Rated චිත්‍රපටයක් වෙනුවට පොඩි ළමයෙක්ට වුනත් නරඹන්න පුලුවන් මට්ටමේ PG-13 චිත්‍රපටයක් තමයි ලැබුනේ. පැතිරිලා තියෙන ආරංචි වලට අනුව නම් PG-13 යන්න හේතුව වෙලා තියෙන්නේ වෙනම්වයි ස්පයිඩර් මෑන්වයි මුහුණට මුහුණ ගෙන්නන්න හදන නිසාලු. හැබැයි හරියටම කියන්න නම් දන්නේ නැහැ. කොහොම වුනත් පසුගිය සැප්තැම්බර්වල පැවැත්වූ සැන් ඩියෙගෝ කොමික් කොන් සමුළුවේදි වෙනම් චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වෙච්චි Ruben Fleischer ප්‍රේක්ෂකයෙක් ඇසු ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් කිව්වේ එයාලට වෙනම්වයි ස්පයිඩර් මෑන්වයි මුහුණට මුහුණ ගෙන්නන්න ඕනකම තිබුනත් ස්ටුඩියෝ අතර පවතින නොගැලපෙන අදහස් මේ වැඩේට බාධාවක් වෙලා තියෙනවා කියලයි.
හැබැයි ඉතින් ටොම් හාඩි වගේ සුපිරි නළුවෙක් ටොම් හෝලන්ඩ් වගේ පොඩි එකෙක් එක්ක හැප්පිලා, එයාගෙ අතින්ම පරාද වෙනවා දකිනවට වඩා MCU එකටවත්, ස්පයිඩි එක්කවත් සම්බන්ධ වීමක් වෙන්නේ නැතුව වෙනම කරන් යන මේ වැඩේ වටිනවා 😅 මගෙ අදහස නම් මේකයි ඇන්ඩ්‍රෙව් ගා(ර්)ෆීල්ඩ් හරහා රිදී තිරයට පැමිණි The Amazing Spider-Man චිත්‍රපට එකතුවට තව එකම එක චිත්‍රපටයක් එකතු කරලා එකේදී වෙනම්ව ගෙන්නලා ස්පයිඩිගෙන් වෙනම්ව අයින් වෙන විදිහට ඒ ටික කලා නම් අද මේ වෙද්දී දකින වෙනම්ව අපිට සුදු පාට ලොගෝ එක තියෙන, අසීමිත විදිහට මකුළු දැල් විදින්න පුලුවන් වෙනම් කෙනෙක්ව දැකගන්න තිබුණා. බලමුකෝ ඉස්සරහට වෙනම්ගෙ අනාගතේ මොන වගේ වේවිද කියලා. මොකද මේ චිත්‍රපටයේ අවසානයේ පසු දර්ශන වලින් මිලග වෙනම් චිත්‍රපටයේ දකින්න ලැබෙන චරිතයක ඉගියක් දීගෙන තමයි අවසන් වෙන්නේ. ඒ කොහොම වෙතත් ටොම් හාඩි මේ වෙද්දී වෙනම් චිත්‍රපට තුනක දායකත්වය සදහා අත්සන් තබා හමාරයි. දෙවැනි චිත්‍රපටය 2020 වසරේදී නිකුත් වීමට නියමිතයි.

BluRay



Powered by Blogger.