Breaking

The Quake (2018) සිංහල උපසිරැසි සමඟ


ඉතිං මේ The Wave චිත්‍රපටයෙ Sequel චිත්‍රපටය නිකුත් උනේ 2018 වර්ෂයෙ අගෝස්තු 31 වන දිනයි.මෙය අයත් වන්නෙ Thriller | Action | Drama යන කාණ්ඩයටයි.මෙයට IMdb අගය 6.5 අගයක් අරගන්න සමත් වෙලා තියෙනවා.ඒවගේම මෙයට රංගනයෙන් දායක වෙන්නෙ Kristoffer Joner | Ane Dahl Torp | Jonas Hoff Oftebro | Hang Tran | Edith Haagenrud-Sande | Ravdeep Singh Bajw | Tina Schei යන නළුකැලයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො.
ගයිරේන්ජ් වල සිදු වීම වෙලා අවුරුද්දක් ගත්වෙලා තියෙන්නෙ. ක්‍රිස්ටියන්ට ඒ සිදුවීම අද ඊයෙ වෙච්ච එකක් වගේ.කොයිවෙලාවෙත් බයේ ඉන්නෙ.අපි හැමෝම එහෙමනෙ මෙවැනි ආකරයෙ ආපදාවකට මුහුණ දුන්නහම.ඉතින් මෙයා තමන්ගෙ බිරිද සහ ළමයින්ගෙන් ඈත් වෙලා ජීවත් වෙන්නෙ.හැබැයි මෙයා ඒ තනියෙම ඉන්න අතරෙ භූමිකම්පාවන් ගැන සොයන එක නතර කරන්නෙ නැහැ.තමන්ගෙ පරීක්ෂණ සියල්ලම දිගින් දිගටම කරගෙන.ඔන්න දවසක් කෝනඩ් මෙයාගෙ භූ විද්‍යාඥ යහළුවෙක්.ඔස්ලෝ උමං මාර්ගයට යනවා තමන්ගෙ එක්තරා ආකරයක පරීක්ෂණයක් කිරීම සඳහා.හැබැයි මෙයා එම අවස්ථාවේදීම මිය යනවා එම උමං මාර්ගය කඩාගෙන වැටෙන නිසාවෙන්.ඉතිං ක්‍රිස්ටියන්ට මේ ගැන දැනගන්නවාත් සමඟම ඔහු කෝන්ඩ්ගෙ ගෙදර යනවා ඔහු ඒ කරපු පරීක්ෂණ ගැන බලාගන්න.එතකොට තමයි ක්‍රිස්ටියන් දැනගන්නෙ මිනිස්සු දහස් ගාණක ජීවත නැතිවෙන්න යන මහා විපතක් පැමිණෙනවා කියල දැනගන්නෙ.මොහු අදාල බලධාරීන් දැනුවත් කරද ඔහුන් මොහුට කණකටවත් අර්ගන්නෙ නැහැ.ඔන්න ඉතිං ඒ දවස උදා වෙනවා.හැබැයි මොහු නොහිතපු වෙලාවක තමයි එය පැමිණෙන්නෙ.ඉතින් ක්‍රිස්ටියන්ට තමන්ගෙ පවුලේ අයටවත් කියන්න වෙලාවක් මදි වෙනවා.ඉතිං ඔහු මෙම විශාල භූකම්පනය සිදු වන අතරතුරේදී ඔහුන්ව බේරගන්න යනවා.

BluRay



Powered by Blogger.