Breaking

The House with a Clock in Its Walls (2018) සිංහල උපසිරැසි සමඟ


imdb 6.2ක අගයක් ලැබුන මේ සිනමාපටයේ අධ්‍යක්ෂණය Cabin Fever(2002), Hostel (2005), The Green Inferno (2013), Death Wish (2018) වගේ සිනමාපට සදහා දායක වුණ Eli Roth. මිනිහගේ පලවෙනි PG13 එහෙම නැත්නම් පවුලේ සැමට වැඩේ වගේම පලවෙනි ගොතික් ෆිල්ම් එක වෙන්නෙත් මේක කියල තමයි imdb එකේ සදහන් වෙන්නේ. නළු නිලියන් ලෙස Jack Black, Cate Blanchett, Owen Vaccaro, Kyle MacLachlan,Renée Elise Goldsberry, Lorenza Izzo. කුණු තක්කාලි අඩවියෙන් 66%ක අගයකුත්, ගුගල් පරිශීලකයින්ගෙන් 86%ක කැමැත්තකුත් මේ සඳහා ලැබෙනකොට බොක්ස් ඔෆිස් සාර්ථක වෙමින් මිලියන 42ක් වියදම් කරවමින් ඩොලර් මිලියන 130ක පමණ ආදායමක් ලබනවා. නමුත් දිගුවක් ලෙස ඉදිරියට තව ෆිල්ම් ඒදැයි දැන්ම කියන්න කල් වැඩියි මම හිතන්නේ. එහෙනම් කතාව දිහාවට හැරෙමු.
” ලුවිස් බානවෙල්ට් කියන්නේ තමන්ගේ අම්ම තාත්ත දෙන්නම අහිමිවෙච්ච කුඩා දරුවෙක්. මේ දරුවාගේ මාමා එහෙමත් නැත්නම් අම්මගේ සහෝදරයා, ලුවිස්ට දවසක් බස් ටිකට් එකක් එවනව ලියමනක් එක්ක. දැන් ඔයාගේ පවුලේ කවුරුත් නැති නිසා මාමා වෙන මම ඔයාව බලාගන්නම් එන්න අපිත් එක්ක ජිවත් වෙන්න කියල. ඉතිං මේ ලියමන අනුව ලුවිස් එනවා ඇවිල්ල බලනකොට තමන්ගේ මාමා ජිවත් වෙන්නේ හොල්මන් මන්දිරයක් වගේ ලොකුම ලොකු ගෙදරක. ගේ ඇතුලට ගිහින් බලනකොට ගේ පුරාම තියෙන්නේ අමුතු ජාතියේ බඩු, ඒ විතරක් නම් මදැයි ගේ පුරාම ඔරලෝසු පිරිලා. එකම එක නීතියයි තියෙන්නේ මේ ගෙදර. ඒ තමා එක විශේෂ කබඩ් එකක් ලඟට යන්නවත් එපා කියන එක.. මේක ඇවිල්ල කබඩ් එකක් ඇරියම වෙනම ලෝකයකට යන ජාතියේ එකක් නම් නෙමේ, නානියා වගේ. වෙනම ජාතියක හරි අපුරු කතාවක්.

BluRay



Powered by Blogger.