Breaking

The Predator (2018) සිංහල උපසිරැසි සමඟ


2018 වසරෙ සැප්තැම්බර් මාසෙ 12 වෙනිද එංගලන්තයේදි තිරගත වුනු මේ ෆිල්ම් එකට ප්‍රධාන ලෙස රංගනයෙන් දායක උනේ Boyd Holbrook, මෙයා ගැන නං අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ, සෑහෙන චිත්‍රපට ප්‍රමාණයකට දායක වුනු රංගන ශිල්පියෙක්, ගූගල් පාවිච්චි කරන අයගෙ කැමැත්ත 80%, ලැබිල තියෙන IMDB අගය 5.7 ක් විදිහට සඳහන් වෙනවා, නිෂ්පාදන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 88. ඒත් එක්කම ඉහල ආදායමක් ලබාගෙන තියෙනවා ඇමෙරිකානු ඩොලර් මිලියන 159.6. පැයකුත් විනාඩි 58 ක් රන් වෙන මේ ෆිල්ම් එක අධ්‍යක්ෂණය කලේ shane black, ඔහු ගැන අමුතුවෙන් මතක් කරන්න දෙයක් නෑ, මොකද සෑහෙන චිත්‍රපට ප්‍රමාණයක් අධ්‍යක්ෂණය කරපු අධ්‍යක්ෂකවරයෙක්.

ෆිල්ම් එකේ කතාව විස්තර කරන්න වෙන්නෙ මෙහෙමයි, බොයිඩ් හොල්බෲක් තමයි මැකේනාගේ චරිතයට පණ පොවන්නෙ, ෆිල්ම් එකේ හැටියට එයා හමුදාවෙ විශේෂ නිලයක් දරන කැප්ටන් කෙනෙක් වගේම ස්නයිපර් කෙනෙක්, එයා මෙක්සිකෝවෙ මෙහෙයුමක ඉන්න අතරෙ දකිනවා යානාවක් කඩා වැටෙන්න එන බව, එම යානය ප්‍රෙඩේටර්ට අයිති යානයක්, යානය සෑහෙන දුරට විනාශ වෙලා යනවා, ඒත් එක්කම මැකේනාත් යනවා ඒ යානය කඩා වැටුනු තැනට යම් සෝදිසි මෙහෙයුමක් කරන්න, ඒ වෙලාවෙ එතන ඉන්නවා මැකේනාත් එක්ක එයාගෙ කණ්ඩායම, අවාසනාවකට මෙන් ඒ වෙද්දි එයාගෙ කණ්ඩායම ප්‍රෙඩේටර් විසින් ඝාතනය කර අවසන්, යානය කඩා වැටුනු තැන තිබිල මැකේනාට හම්බ වෙනවා ප්‍රෙඩේටර්ගෙ උපකරණ කීපයක්, මැකේනා පිටත් වීමට පෙර එම උපකරණත් සාක්ෂියක් විදිහට අරගෙනයි යන්නෙ, එයා ඒක තැපැල් කරනවා එයාගෙ නිවසට, ඊට පස්සෙ ඒක හම්බ වෙනවා මැකේනාගෙ පුතාට, එයා ඒක බලන අතරෙ එක උපකරණයක් දන්නෙම නැතුව ක්‍රියාත්මක වෙනවා, ඊට පස්සෙ ප්‍රෙඩේටර් මැකේනාගෙ පුතාව ලුහුබදින්න පටන් ගන්නවා, ඊටත් පස්සෙ තවත් පැත්තකින් මැකේනාව හමුදා සිරබාරයට ගන්නවා, මොකද මැකේනා මෙක්සිකෝවෙ කරපු මෙහෙයුම අතරවාරෙ එතන සිද්ධ වුනු සියල්ලම රහසිගත හින්ද, එයාව තවත් සිරකරුවන් පිරිසක් එක්ක පරීක්ෂණාගාරයකට රැගෙන යනවා, ඒ පරීක්ෂණාගාරයේ තමයි යානයේ හිටිය ප්‍රෙඩේටර් ඉන්නෙ, ප්‍රෙඩේටර්ව සිහිය නැති කරල තියෙන්නෙ, මැකේනා ඉන්න බස් රථය පරීක්ෂණාගාරයට කිට්ටු වෙද්දිම ප්‍රෙඩේටර්ට නැවතත් සිහිය එනවා, ප්‍රෙඩේටර් සම්පූර්ණයෙන්ම පරීක්ෂණාගාරය විනාශ කරනවා, ඒ අතරෙ මැකේනා සහ අනිත් සිරකරුවන් බස් රථයත් අරගෙන එතනින් පලා යනවා, එතනින් එහාට සම්පූර්ණයෙන්ම හිතාගන්න බැරි වෙනස් දෙයක් තමයි සිද්ධ වෙන්නෙ, මොකද ප්‍රෙඩේටර්ලගෙ ලෝකයෙන් තවත් ප්‍රෙඩේටර් කෙනෙක් එනවා කලින් පෘථිවියට ආපු ප්‍රෙඩේටර්ව විනාශ කරන්න, එයා සාමාන්‍ය ප්‍රෙඩේටර් කෙනෙකුට වඩා විශාලයි.

BluRay



Powered by Blogger.